බන්ධනාගාරගත කරන්නන්ට විකල්පයක්
Thursday, 10 February 2022 - 10:44 | Views - 383
බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් පස් අවුරුදු සැලැස්මකට අනුව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන අතර, ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් විසඳුම් යෝජනාකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස දියුණු විශෝධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන රටවල භාවිතා කෙරෙන නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කිරීමට යි ඉහත පස් අවුරුදු සැලැස්ම මගින් යෝජනාකර ඇත්තේ.

නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයේ දී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන මෙන්ම සුළු දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාරගත නො කොට, ඔවුන්ගේ නිවස්වල ම නියමිත කාලය තුළ රැඳවීම සිදු කරන අතර, තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් ව අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි.

තවද සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා අවශ්‍යතා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇති.

ඒ අනුව මෙම යෝජනාවට අදාළ ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන ලද ව්‍යාපෘති යෝජනාව, අධිකරණාභිමානයක උතුරු පළාත් ජන අභිමුව යුක්තියේ ප්‍රවේශය වැඩ සටහනට සමගාමි ව අධිකරණ අමාත්‍ය අලී සබ්රිගේ යාපනය බන්ධනාගාරය නිරීක්ෂණ සංචාරයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් ඔහු වෙත පිළිගැන්වීම සිදු කළ බව වාර්තා වනවා.

මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top