අලුත්ම කොරෝනා පරීක්ෂණය - විනාඩි 04 ප්‍රතිඵල
Tuesday, 08 February 2022 - 15:47 | Views - 1,777
බහු අවයවීකරණ දාම ප්‍රතික්‍රියාව හෙවත් පී.සී.ආර්. පරීක්ෂණයක මෙන් කොවිඩ් 19 ආසාදනය නිවැරදිව තීරණය කරන නව කොරෝනා පරීක්ෂණයක් චීන විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුන්වා දී තිබෙනවා.
පී.සී.ආර්.පරීක්ෂණ කොවිඩ් 19 වෛරසයට සංවේදීව කොරෝනා ආසාදනය වඩාත් නිවැරදිව සොයා ගත හැකි ක්‍රමවේදයයි.
එහෙත් එහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පැය කිහිපයක් ගත වනවා.
මේ නිසා ඔමික්‍රොන් වැනි සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත කොරෝනා ප්‍රභේද පැතිරීමේදී ඇතැම් රටවල් කඩිනමින් කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමේ අර්බුදයකට මුහුණ දුන්නා.
එහෙත්, ෂැංහයි නුවර පර්යේෂකයන් සොයා ගෙන ඇති ක්‍රමවේදය මගින් කොරෝනා ආසාදනය විනාඩි 4 ක් තුළ නිෂ්චය කළ හැකියි.
චීනය දැනටමත් ලොව කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල නිපදවීමේ ප්‍රමුඛයෙක්.
එමගින් පසුගිය දෙසැම්බරයේදී පමණක් ඩොලර් බිලියන 1.6 ක් වටිනා කොරෝනා පරීක්ෂණ කට්ටල අපනයනය කර තිබෙනවා.
ඒ ඊට පෙර මාසයකට සාපේක්ෂව සියයට 144 ක වර්ධනයක් ලබමින්.
Share This Article