තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ආසාදිත ගොඩට
Tuesday, 08 February 2022 - 14:36 | Views - 581
බදුල්ල දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා හට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මැති සබයේ කොවිඩ් -19 ආසාදනය වූ පනස්වෙනි සාමාජිකයා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා වාර්තා වන්නේ.
මේ අතර ඊයේ දිනයේ දී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් එල්ලාවල යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ද කෝවිඩ් ආසාදිත බවට තහවුරු කෙරුණා.
Share This Article