කොළඹ - පුරහල අවට දැඩි රථවාහන තදබදයක්
Tuesday, 08 February 2022 - 11:52 | Views - 518
සෞඛ්‍ය සේවකයින්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ - පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද - පරිපූක සහ අතුරු වෛද්‍ය සේවාවන් හි වෘත්තීන් 18ක පිරිසක් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ පෙරේදා (06) දිනයේදීයි.

එම ක්‍රියාමාර්ගයට සමගාමීව අද දිනයේ මෙලෙස පා ගමනක් දියත් කිරීමටයි සෞඛ්‍ය සේවකයින් තීරණයකර ඇත්තේ.

ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින්

ඒ හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට ද බාධා එල්ල වීමෙන් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

දැනට ක්‍රියාත්මක කර ඇති අඛන්ඩ වැඩවර්ජනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරි දින හත ඇතුළත අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවලින් ද ඉවත්වන බවට හෙද - පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති අනතුරු අඟවනු ලැබුවා.

කෙසේ වෙතත් පිළිකා, කාන්තා හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව ඇතුළු ප්‍රධාන රෝහල් හා ආයතන 10ක අත්‍යාවශ්‍ය ප්‍රතිකාර හා සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top