එන්නත් කාඩ්පත නොමැති අයට - අද සිට වැටෙන තහනම
Tuesday, 08 February 2022 - 10:32 | Views - 2,457
අද (08) සිට පාර්ලිමේන්තුවට ඇතුල්වන පිටස්තර පුද්ගලයින්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව එන්නත් කාඩ් පතේ පළමු හා දෙවන මාත්රාව ලබාගෙන ඇති බවට අනිවාර්යයෙන් සදහන්ව තිබිය යුතු අතර පාර්ලිමේන්තුවට ඇතුල්වීමේදී එය පරීක්ෂා කරන බවත්, යම් පුද්ගලයෙකුට එන්නත ලබාගෙන තිබෙන බව තහවුරු කිරීමට නොහැකි වුවහොත් එම පුද්ගලයාට අද සිට පාර්ලිමේන්තුවට ඇතුල් විය නොහැකි වන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article