පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ කොහුවල පොලිස් වසමේ රෝහල පාර, ප්‍රදේශයේ දී සිදුකළ විශේෂ වැටලීමකින් හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය වයස අවුරුදු 40ක දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය පවසන්නේ.
ඇය සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑම් 64ක්.
සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙනවා.