මීට වසර 41කට පෙර රෝමයේ සිට කිලෝමීටර් 20ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි ෆ්රස්කැටි අසල ගම්මානයක කුඩා පිරිමි ළමයෙක් නළ ළිඳකට වැටෙනවා. ඒක තමයි අපිට වාර්තා වෙන නළ ළිං සහ කුඩා බිළිඳුන් ආශ්රිත පළවෙනිම ඛේදවාචකය.
ඇල්ෆ්‍රෙඩෝ රම්පි, එහෙමත් නැත්නම් ඇල්ෆ්රෙඩිනෝ ලෙස හඳුන්වනු ලැබූ මේ පුංචි කොලු පැටියා මේ ඛේදවාචකයට මුහුණ දෙන්නේ එයාට වයස අවුරුදු හයේදි.
1981 ජූනි 10 වැනි දා හවස, ඇල්ෆ්රෙඩිනෝ තමන්ගේ පියාගෙන් අහනවා පිට්ටනිය හරහා පවුලේ නිවාඩු නිවසට යන්නට පුළුවන්දැයි කියලා. ඇල්ෆ්රෙඩිනෝ කියන මාර්ගය ඉතා කෙටි එකක් නිසා ඔහුගේ පියා මේ පුංචි කොල්ලට හිස වනලා ඔව් කියලා උත්තර දෙනවා. ඒත් පියා ආපහු නිවසට එනකොට ඇල්ෆ්රෙඩිනෝගෙ සළකුණක්වත් දකින්න ලැබෙන්නෙ නැහැ. ඔවුන් කලබල වෙලා ඇල්ෆ්රෙඩිනෝව හැමතැනම හොයන්න පටන් ගන්නවා. ඔවුන්ට සහයට පොලිස් සෝදිසි කණ්ඩායමකුත් එකතු වෙනවා.
සෙවුම් කණ්ඩායමට යාබද ඉඩමේ ළිඳක් හමු වූ නමුත් එය ගල්වලින් ආවරණය කරලා තිබුණු නිසා ඔවුන් එය නොසලකා හරිනවා. කොහොම වුණත්, ටික වෙලාවකට පස්සෙ, ගිනි නිවන භටයෙක් ළිඳ පරීක්ෂා කරන ලෙස අවධාරනය කරනවා. ඔහුගේ හිස අගාධයට ඇල කරලා බලනකොට ඔහුට කුඩා ඇල්ෆ්රෙඩිනෝගේ විලාපය ඇහෙනවා. 'අම්මා' කියලා මේ පුංචි කොල්ලා යටිගිරියෙන් කෑගහන සිහින් හඬ ඔවුන්ට ඇහෙනවා.
අනවසරයෙන් හාරන ලද ළිඳ තුළ කුඩා දරුවා සිරවී සිටින බව නොදැන ඉඩමේ හිමිකරු විසින් එය වසා දමා ඇති බව තමයි පසුව අනාවරණය වෙන්නේ..
ඇල්ෆ්රෙඩිනෝ බේරාගැනීමේ හදිසි මෙහෙයුමක් ඇරඹෙනවා. ගලවා ගැනීම ආරම්භයේ සිටම ඉතාම සංකීර්ණයි. ළිං කටේ පළල සෙන්ටිමීටර 28 ක් පමණක් වන අතර උමග මීටර් 80 ක් ගැඹුරින් සහ ඉතා අක්‍රමවත් බිත්ති සහිතව පිහිටා තිබූ එකක්. ගැලවුම්කරුවන් විසින් ආලෝක පහනක් ඇතුළතට පහත් කිරීමෙන් පසු දරුවා මීටර් 36 ක් පමණ ගැඹුරට සිරවී ඇති බව හෙළි වෙනවා.
ඇල්ෆ්රෙඩිනෝ බේරා ගැනීමේ පළමු උත්සාහය ව්‍යසනයක් බවට පත් වෙනවා. ලී පුවරුවක් ළිඳට පහත් කර, දරුවාට එයට ඇලී සිටීමට ඉඩ සැලැස්වුවත් ඇතුළතදී කඹය කැඩී යනවා. ඒ විතරක් නෙමෙයි, ඇතුළතින් ළිඳ අවහිර වෙනවා.
රාත්රියේදී, රාජ්‍ය රූපවාහිනී විකාශක කාර්මික ශිල්පීන් පැමිණෙන අතර, ඔවුන්ගේ උපකරණ ළිඳට පහත් කිරීමෙන්, මෙහෙයුමේ නියුතු අයට ඇල්ෆ්රෙඩිනෝ සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලස්වනවා.
ගලවාගැනීමේ කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ළිඳට බැස මෙහෙයුම අවහිර කරන ලී පුවරුව ඉවත් කිරීමට උත්සාහ ගන්නවා.
උත්සාහයන් අසාර්ථක වෙනවා. මේ වන විට ජලය ඉල්ලා සිටින ඇල්ෆ්රෙඩිනෝ වෙත ළඟා වීමේ අරමුණින් උමං දෙකක් සිරස් අතට සහ එක් තිරස් අතට හෑරීම ආරම්භ කිරීමට තීරණය කරනවා. කෙසේ වෙතත්, කැණීම ආරම්භයේ සිටම දුෂ්කර භූමිය, පසුව ග්‍රැනයිට් සහ උමං මාර්ග මෙහෙයුම ඉතා දුෂ්කර කරවනවා.
ජූනි 11 උදෑසන ගලවා ගැනීමේ මෙහෙයුම සජීවීව විකාශනය කිරීම ආරම්භ කරනවා. දවස ගෙවී යද්දී මිලියන ගණනක් ජනයා මුදා ගැනීමේ උත්සාහයන් නැරඹීමට වෙබ් අඩවිය වටා රැස් වෙනවා. ගලවා ගන්නන් නොනැවතී ක්‍රියා කරනවා. මේ වෙලාවෙදි ඉතාලියේ ජනාධිපති සැන්ඩ්‍රෝ පර්ටිනි, ඇල්ෆ්රෙඩිනෝගේ දෙමාපියන්ව සැනසීමට එම ස්ථානයට පැමිණෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු ඇල්ෆ්රෙඩිනෝව බේරා ගන්නා තුරු නොසෙල්වෙන බවට දිවුරුම් දෙනවා.
ඇල්ෆ්රෙඩිනෝගේ තත්වය නරක අතට හැරෙන්නට පටන් ගන්නවා. ඉන්පසුව, ජූනි 12 දින උදෑසන (ඔහු වැටීමෙන් දින එකහමාරකට පසු) ඇල්ෆ්රෙඩිනෝ ගලවා ගැනීමේ කණ්ඩායමට ප්‍රතිචාර දැක්වීම නතර කරනවා. එදින සවස් වන විට, උමං කැණීම අවසන් වන අතර, ගැලවුම්කරුවන් බිහිසුණු සොයාගැනීමක් කරනවා. ඒ තමයි කැණීමේ කම්පනය හේතුවෙන් කුඩා දරුවා ළිඳෙන් මීටර් 30 ක් පමණ පහළට ලිස්සා ගොස් තිබීම.
ඇල්ෆ්රෙඩිනෝ දැන් ප්‍රතිචාර නොදැක්වීම සහ පොළව යට මීටර් 60 ක් පමණ සිරවී සිටීම නිසා, එකම විකල්පය තමයි ළිඳේ ඉතිරි කොටසට යමෙකු පහත් කිරීම. ඉන්පස්සෙ ඒ සඳහා ගැලවුම්කරුවන් විසින් කුඩාම මිනිසුන් තෝරා ගැනීමට පටන් ගන්නවා. ස්වේච්ඡා සේවකයෙක් ඉදිරියට එනවා. ඔහු නමින් Angelo Licheri.
මීටර් 60ක් බැසීමෙන් පසු, ලිචෙරි ඉතා දුර්වල නමුත් තවමත් ප්‍රතිචාර දක්වන ඇල්ෆ්රෙඩිනෝ වෙත ළඟා වෙනවා. ලිචෙරි කොල්ලගෙ හිත ශක්තිමත් කරන්න හදනවා. ඔහු පොඩ්ඩාට අලුත් බයිසිකලයක් ාරන් දෙන්නත් පොරොන්දු වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔහුව මසුන් ඇල්ලීමට රැගෙන යන බවටත් පොරොන්දු වෙනවා.
ඇල්ෆ්රෙඩිනෝ මත පටි තැබීමට ලිචෙරි දරන සියලු උත්සාහයන් අසාර්ථක වන අතර, මඩෙන් ගොඩට ඔහුව ඉහළට ඇද ගැනීමට ඔහු ගත් අඛණ්ඩ උත්සාහයන් සියල්ල අසාර්ථක වෙනවා. ඇල්ෆ්රෙඩිනෝ ගැඹුරට ලිස්සා යයි.
මිනිත්තු 45කට පසු, ඒ කියන්නේ උඩු යටිකුරු මෙහෙයුමක් සඳහා ආරක්ෂිත යැයි සැලකෙන උපරිම මිනිත්තු 25ටත් විනාඩි 20කට පස්සේ මංමුලා සහගත ලිචෙරි ඇල්ෆ්රෙඩිනෝට හාදුවක් පිඹිමින්, පිරිමි ළමයා නොමැතිව වේදනාකාරී ඇමතුමක් ගැලවුම්කරුවන් වෙත ලබා දෙනවා. ලිචෙරි නැවත ළිං කටින් ගොඩ ආ පසු ඔහු ක්ලාන්ත වන අතර තුවාල හේතුවෙන් මාසයක් රෝහල් ගත වෙන්නට ඔහුට සිද්ධ වෙනවා.
මොරොක්කෝවෙ පුංචි රයන්ට කලින් අපිට වාර්තා වෙන ආසන්නතම සිද්ධිය තමයි දකුණු ඉන්දියාවේ සුජිත් විල්සන්ගේ සිද්ධිය. ඒ 2019දි. ඔහු වයස අවුරුදු දෙකක ඉතාම කුඩා බිළිඳෙක්. නිලධාරීන් දින හතරක් පුරා පැය 82 ක ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසුව සුජිත් විල්සන්ගේ සිරුර ගොඩ ගන්නකොටත් එය නරක් වූ තත්වයක තිබූ බව තමයි වාර්තා කරන්නේ.
මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී සුජිත් පාළු ළිඳට වැටෙනවා. ඔහු මුලින් මීටර් 10 (අඩි 30) පමණ ප්‍රදේශයක සිරවී සිටි නමුත් පසුව ඔහු තවදුරටත් මීටර් 180 ක් පමණ ගැඹුරු අතහැර දැමූ ළිඳට වැටී තිබෙනවා.
මොරොක්කෝවේ පුංචි රයාන් ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නහැ, මොකද ඒ සිදුවීම සිද්ධ වෙලා තවම ගෙවුණේ එක රැයයි. අද ඔහුගේ සිරුරේ අවසන් මතක පොද සදහටම මේ මිහි තලයට එකතු වෙනවා.
අපිට මීට අවුරුදු දෙකකට කළින් මිහිදන් වුනු විල්සන්ව තව දුරටත් මතකයේ නැහැ. රයනුත් අපිට ඉක්මනින්ම අමතක වෙලා යාවි.
ඇල්ෆ්රෙඩිනෝගෙන් පටන් ගන්න ළිං කුහර ඛේදවාචකය රයන්ගෙන් අවසන් වෙයි කියලා අපිට සහතිකයක් නහැ. අමතක කරනවා වෙනුවට අපි බලාගෙන ඉන්නවා. ඇල්ෆ්රෙඩිනෝගෙ ඉඳලා අඳුරු ළිං කුහරවල අවසන් හුස්ම හෙළපු පුංචිත්තො හැමෝටම... සුවබර නින්දක් පැටවුනේ...!