හදිසියේ වැසුණු ජකර්තා ගුවන්තොටුපොළ
Monday, 07 February 2022 - 13:33 | Views - 2,057
මේ දිනවල ඉන්දුනීසියාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දුනීසියාව එරටට සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දින කිහිපය පුරා ඉන්දුනීසියාවේ ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ව්‍යාප්තිය අතිශය බහුල ලෙස දැකගත හැකි අතර, අග්නිදිග ආසියානු රටවල් වල වැඩිම වෛරස ව්‍යාප්තිය ඇති රටවල් වලින් එකක් ලෙසයි ඉන්දුනීසියාව සලකනු ලබන්නේ.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස ව්‍යාප්තිය මන්දගාමි කිරීමේ උත්සාහයක් ලෙස ජකර්තා ගුවන් තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වන විට එරට රෝහල් පද්ධතියේ 65%ක පමණ කොටසක් ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ආසාදනය වූවන් වෙනුවෙන් වෙන්කර ඇති අතර මේ වන විටත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි මට්ටමට පැමින ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් 36000 ක් ජකර්තා අගනුවරින් පමණක් වාර්තාවී ඇති අතර එය අතිශය බරපතල තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top