"ඉවසං හිටපන්. ඕක ඔය හැටි ගණන් ගන්න දෙයක් නෙමෙයි... ඌ උඹටත් හොඳට සලකයි.- දුලා විකුණන අමුතුම අම්මලා
Monday, 07 February 2022 - 12:37 | Views - 771
"කතා හදන උං අපිට කන්න අඳින්න දෙන්නෙ එන්නෙ නෑනෙ"

සිද්ධිය වාර්තා වෙන්නේ කෑගල්ල ප්‍රදේශයෙන්. නම් මනඃකල්පිතයි.

සංසලාගෙ පියා මිය යන්නෙ හෘදයාබාදයකින්. එතකොට ඇයට වයස අවුරුදු පහයි. පවුලේ වැඩිමල් සොයුරියන් දෙදෙනෙක් එක්ක මවත් නිවසේ තනි වෙන්නෙ කිසිදු ආදායමකින් තොරව.

සංසලාගෙ පියා වෘත්තියෙන් පෙදරේරුවෙක්. ඉතිරි කළ මුදලක්ද නොවුණු නිසා සංසලාගෙ මව ඔහුගේ වියෝවත් සමග දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දෙනවා.

ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරයක නිරත වෙන සෝමවංශගෙ ඇස් සංසලාගෙ මව වන මේනකාගෙ දිහාවට යොමු වෙන්නෙ සංසලාගෙ පියාගෙ අවමගුල් දිනවලමයි.

සෝමවංශ උපක්‍රමශීලීව විවිධ බඩු බාහිරාදිය නිවසට පටවමින් මුදල් හදල් දෙමින් මේනකාගෙ මිතුරෙක් බවට පත් වෙනවා.

වසර ගණනාවක් තිස්සේ මේ තලතුනා පුද්ගලයා සංසලාගෙ පවුලත් සමග හිතවත්කම් පවත්වනවා.

මේනකාලා කිසිදු අගහිඟයකින් තොරව ජීවත් වෙන්නෙ ඔහු නිසා. ගමේ කොයි තරම් කටකතා හැදුණත්,

"කතා හදන උං අපිට කන්න අඳින්න දෙන්නෙ එන්නෙ නෑනෙ"

කියන උදාන වාක්‍යයෙන් මේනකා සියල්ල සාධාරණීකරණය කරගන්නවා.

සියල්ල කණපිට හැරෙන්නෙ සංසලා වැඩිවියට පත් වීමත් එක්ක. කෙමෙන් පිරිපුන්ව හැඩට වැඩෙන සංසලාව එක්තරා අඳුරු හැන්දෑවක මේ වියපත් සෝමවංශගෙ ගොදුරක් බවට පත් වෙන්නෙ කිසිවෙක් නිවසේ නොඋන්නු මොහොතක.

සංසලා ඇයගේ මවට සිද්ධ වුණු සියලු අපයෝජනයන් හැඬූ කඳුළෙන් විස්තර කරනවා.

සංසලාගෙ ඉහ මොළ රත් වෙන්නෙ ඇයගෙ මව දෙන පිළිතුරත් එක්ක.

"ඉවසං හිටපන්. ඕක ඔය හැටි ගණන් ගන්න දෙයක් නෙමෙයි... ඌ උඹටත් හොඳට සලකයි. පොඩි අක්කටත් ගිය මාසෙ මාලයක් අරන් දුන්නා. උඹේ කන් දෙකටත් ඔය ඔච්චර වටින කරාබු දෙකක් දැම්මේ...!"

සිද්ධියෙන් කම්පාවටත් කම්පනයටත් පත් වෙන පුංචි කෙල්ල මේ සිදුවීම් එක්ක දිගින් දිගටම රෝගී වෙන්න පටන් ගන්නවා.

අවසානයේ ඇය කිසිදු රෝග මූලයක් නැති රෝගයක ගොදුරක් බවට පත් වෙලා රෝහල් ගත කරන්නෙ පාසලේදි හැදුණු කලන්තයකට පස්සේ.

ගැලවීමේ එකම මාර්ගය විදිහට විශ්වාස කරලා ඇය සියල්ල තමන්ව පරීක්ෂා කරන වෛද්‍යවරා හමුවේ විස්තර කරනවා.

පාසලේ ගුරු මණ්ඩලයේත් සහය ඇතිව ඇයවත් ඇයගේ බාලවයස්කාර දෙවෙනි සොයුරියවත් පරිවාසයට යොමු කරන අතර සංසලාගේ මව සහ අසත්පුරුෂ ව්‍යාපාරිකයා සිරගත කෙරෙනවා.

සමහර අවපාතයන්වලදි මිනිස්සු ගන්න තීරණවල උස්පහත්කම් විනිශ්චය කරන්න දණ්ඩ නීති සංග්‍රහවලත් වගන්ති හිඟ බවක් හැඟෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top