පාසල් වැසුනද ? පෙර පාසල් පැවැත්වෙයි
Monday, 07 February 2022 - 11:40 | Views - 3,884
2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසල් වසා නොතබන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ පෙරපාසල් දිගු කාලයක් වසා තැබීමට සිදු වූ බැවින් වර්තමානයේ හැකි සෑම අවස්ථාවකම දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි ඇමතිවරයා සඳහන් කළේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුකූලව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් සාමාන්‍ය පරිදි පෙර පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article