බුස්ටර් එන්නත ලබා ගැනීමේ වාසි - සෞඛ්‍ය අංශ කළ හෙළිදරව්ව මෙන්න
Monday, 07 February 2022 - 11:27 | Views - 604

මර්දනය වෙමින් පැවැති වසංගත තත්ත්වය යළිත් වතාවක් හිස ඔසවා ඇති බැව් දෛනිකව වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගෙන් හෙළිදරව් වේ. එසේම මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉක්මවා ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා විශාල වශයෙන් සමාජ ගතව ඇති බවත් වාර්තා වී තිබෙනවා.
පෙර පැවති ප්‍රභේද ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් බරපතළ තත්ත්වයක් කරා යාම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍ර දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නා කරුණකි . එනමුත්, ඔමික්‍රෝන් ආගමනයත් සමඟ අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබෙනවා.
Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්තාවලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් මාත්‍රා දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි "බූස්ටර්" මාත්‍රාවක් ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන ඇති නවතම හෙළිදරව්ව බවත් සැලකෙනවා.
මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමයෙන් හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහවලට මෙම ප්‍රෝටීන කොටස හා සම්බන්ධ වී වයිරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාව අඩු වීම යි. එහෙත් තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාම වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාව ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් තහවුරු වී තිබෙනවා.
ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්නත්තොග තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවකි.
ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කිහිපය තුල දී විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා තිබෙන පසුබිමක.ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යා මතවලට නොරැවටී හැකි ඉත්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට උත්සුක වන්න, ඇතැම් අයට පමණක් සුළු අතුරු ආබාධ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි අතර එසේ වුවත් දින කිහිපයකින් එකී තත්ත්වය අවසන්ව යයි. එබැවින් එන්නත් ගැන නොබියව හැකි සැම දෙනාම එන්නත ලබා ගන්නා ලෙස මෙරට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උපුටා ගැනීම - ලංකාදීප
Share This Article