මහමග දී ත්‍රීරෝද රථයකින් පැමිණ කළ කොල්ලකෑම
Monday, 07 February 2022 - 10:44 | Views - 1,135
ඊයේ (06) පෙරවරුවේ පේදුරුතුඩුව පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ සහ ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකතන 02ක් කොල්ල කා, එම පුද්ගලයා මහමග දමා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත ඊයේ රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන්.
සැකකරු වයස අවුරුදු 46ක් වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article