සෞඛ්‍ය අංශ කිහිපයක් - අදත් වර්ජනයේ
Monday, 07 February 2022 - 8:56 | Views - 594
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් අද පෙරවරු 7 සිට දීප ව්‍යාප්ත අඛන්ඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවයන් මීට එක්වන බවයි එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ.
මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ තම සංගමය මේ සඳහා සහයෝගය ලබානොදෙන බවයි.
මේ අතර මධ්‍යම පළාතේ සියලුම රාජ්‍ය කළමණාකරණ නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කර එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, වැටුප් විෂමතාව ඇතුළු තවත් නොවිසඳුනු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්.
වර්ජනයට සමඟාමීව විරෝධතා පා ගමනක් ද සංවිධාන කර ඇති බවයි කළමණාකරණ සේවා නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම පළාත් නියෝජිත සම්පත් බණ්ඩාර කරුණාරත්න සඳහන් කළේ.
Share This Article