විදුලියට ඉන්ධන සැපයීම ගැන විශේෂ සාකච්ඡාව අද
Monday, 07 February 2022 - 8:49 | Views - 518

විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.
ඒ අනුව ඉදිරි සතිය සඳහා බලාගාර වෙත ඉන්ධන නිකුත් කිරීම තීරණය කරන බවයි වාර්තාවන්නේ.
මීට සතියකට පෙර බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලය වෙත සපයනු ලැබුවා.
කෙසේ වෙතත් එම ඉන්ධන තොග අද දිනය වනවිට අවසන් වීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.
පසුගිය සති අන්තය වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගවොට් 2,000 ක් දක්වා පහළ ගියද අද සිට ඉදිරි වැඩකරන දින කිහිපය තුළ දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,750 ක් ඉක්මවීමේ තත්වයක් ඇතිවිය හැකියි.
එසේ වුවහොත් නොරොච්චෝලේ බලාගාරය ද ඇතුලුව සියලු ඩීසල් සහ දැවිතෙල් මගින් ක්‍රියාත්මක කෙරෙන බලාගාර විදුලි ජනනය සඳහා යොදාගැනීම අත්‍යවශ්‍ය වනවා.
ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසන්නේ මීට පෙර තෙල් සංස්ථාව මගින් විදුලි උත්පාදනය සඳහා ලබාදුන් ඉන්ධන අදින් අවසන් වන බවයි.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිළ ඉහළ දමනු ලැබුවා.
ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් තුනකිනුත් , ඔක්ටේන් අනූ දෙක වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් හතකිනුත් ලෙසයි.
එමෙන්ම එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් ද ඉහළ දමනු ලැබුවා.
මේ අතර මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ ඉන්ධන මිල වැඩිවුණද බස් ගාස්තුවල වැඩිවීමක් සිදු නොවන බවයි.
Share This Article