අපොස උසස් පෙළ විභාගය ඇරඹෙයි
Monday, 07 February 2022 - 7:47 | Views - 410
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,438 කදී අද දිනයේදී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර මෙවර විභාගයට පෙනීසිටීමට නියමිත මුළු අයදුම්කරුවන් ගණන 345,242 ක්.

ඒ පාසල් අයදුම්කරුවන් 279,141 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 66,101ක් ලෙස බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයින් සදහා දිවයින පුරා රෝහල් 29 ක විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වනවා.

ඊට අමතරව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ක්‍රියාත්මක වන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සියලුම ආසාදිත විභාග අපේක්ෂයින් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටියා

විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේ දී විභාගයට පෙනී සිටිය යුතුයි.

තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.

මේ අතර විභාග ප්‍රවේශ පත්‍රය සහ හැඳුනුම්පත රැගෙන පෙ:ව:8 වන විට විභාග ශාලාවේ අසුන් ගන්නා ලෙස, විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top