අපොස උසස් පෙළ විභාගය ඇරඹෙයි
Monday, 07 February 2022 - 7:47 | Views - 411

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,438 කදී අද දිනයේදී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර මෙවර විභාගයට පෙනීසිටීමට නියමිත මුළු අයදුම්කරුවන් ගණන 345,242 ක්.
ඒ පාසල් අයදුම්කරුවන් 279,141 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 66,101ක් ලෙස බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයින් සදහා දිවයින පුරා රෝහල් 29 ක විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වනවා.
ඊට අමතරව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ක්‍රියාත්මක වන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
සියලුම ආසාදිත විභාග අපේක්ෂයින් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටියා
විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේ දී විභාගයට පෙනී සිටිය යුතුයි.
තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.
මේ අතර විභාග ප්‍රවේශ පත්‍රය සහ හැඳුනුම්පත රැගෙන පෙ:ව:8 වන විට විභාග ශාලාවේ අසුන් ගන්නා ලෙස, විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article