අද සිට වැඩි වූ මිලට ලැබෙන ඉන්ධන
Monday, 07 February 2022 - 7:30 | Views - 530
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.
ඒ අනුව, ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
එසේම, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124 ක් වන අතර, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 184 කටයි.
එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 213 ක්.
Share This Article