74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.
ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුවයි මෙම සමාව හිමිවන්නේ.
ඒ අනුව මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් ඇතුළුව දිවයින තුළ බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇති බවයි බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කළේ.
මීට අමතරව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාවක් ද ප්‍රදානය කර තිබෙනවා.
ඒ අනුව බන්ධනාගාර ගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හා ඉන් කොටසකට දින 07ක් සමාව ලබා දීම,
දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉදිරි දඬුවම් කාලය අහෝසි කිරීම,
2022.02.04 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් සදහා ඉදිරි කාලය අහෝසි කිරීම,
වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකර, 2022.02.04 දිනට මහාධිකරණයෙන් දඬුවම් නියමකල දින සිට වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවම් කාලය අහෝසි කිරීම සිදු වනු ඇති.
ඉහත කරුණුවලට අදාළව සුදුසුකම් ලබා ඇති සියලූම සිරකරුවන්ට අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමිවන බවයි බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කළේ.