ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට මෙරට ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
මේවන විට වාර්තාවන ආසාදිතයන්ගෙන් 95%ක ප්‍රමාණය ඔමික්‍රෝන් ආසාදිතයින් බව යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පසුගිය දා සඳහන් කළේ.
එවන් පසුබිමක විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා විසින් භයානක අනාවැකියක් පළ කොට තිබෙනවා.
ඔහු පවසන්නේ තවත් දින ගණනකින් මෙරට ජනතාවගෙන් බහුතරයකට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීම නිශ්චිත ලෙසම සිදුවන බව යි.
එය මෙම මස (පෙබරවාරි) අගවන විට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කරනවා.