ඔමික්‍රෝන් ප්‍රභේදයටත් වඩා 1.5ක ගුණයකින් සංසරණය වන තවත් ප්‍රභේදයක - අනතුරු ඇඟවීම
Thursday, 03 February 2022 - 10:53 | Views - 748
නියොකොව් හෙවත් BA.2 ලෙස හැඳින්වෙන කොවිඩ් උප ප්‍රභේදය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අපිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත්තේ.

නියොකොව් හෙවත් BA.2 ලෙස හැඳින්වෙන මෙම උප ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයටත් වඩා 1.5ක ගුණයකින් සංසරණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්‍රභේදයන් අභිභවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය ද පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

එබැවින් මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුසී පෙරේරා පවසනවා.

දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බවත් එය ආසාදනය විම වළක්වාගැනීමට සියලු දෙනා සුදානම් විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා වැඩිදුරටත් පවසනවා.

මේ අතර පාසල් වලින් නව කොවිඩ් රැල්ලක් මතු වීමේ අවධානමක් මතුව ඇති බව මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවනවා.

ඔහු චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරදි දත්ත නොවන බවයි.

දහසකට ආසන්නව දෛනිකව වාර්තාවන එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෛනිකව සමාජයෙන් වාර්තා වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top