බූස්ටරය ලබාගත් පිරිසගේ වෙනසක්
Thursday, 03 February 2022 - 8:39 | Views - 1,185
මෙරට කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාව යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට මෙරට ජනගහනයෙන් 37% ක් පමණක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි.

තවත් කොරෝනා ආසාදිතයන් 1156 ක් ඊයේ (02) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 613,478ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,492ක් දක්වා ඉහළ ගියේ ඊයේ (02) වාර්තා වුූ මරණ 19 ත් සමගයි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණු කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මියගිය සියලු කොරෝනා ආසාදිතයන් බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති බවටයි.

මේ අතර, දුම්රිය සේවා බිඳ වැටීම වළක්වා ගැනීමට කොරෝනා ආසාදනය වී සිටින සහ නිරෝධායනයට ලක් වෙමින් සිටින දුම්රිය නියාමකවරුන්ගේ රාජකාරී ආවරණය සඳහා තාවකාලිකව දුම්රිය ස්ථානාධිපතිවරුන් යෙදවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය සහ දුම්රිය පාලන අධිකාරිය දැනුවත් කර ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ දෛනික කාර්යාල දුම්රිය ගමන්වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය පාලන අධිකාරිය මේ වන විට කටයුතු කර ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top