18ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත අනිවාර්ය කරයි
Tuesday, 01 February 2022 - 15:39 | Views - 1,113
අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත අනිවාර්යය කරමින් ඔස්ට්‍රියාව නව නීතියක් හඳුන්වා දී තිබෙනවා.
අදාළ නීතිය අද (01) සිට එරට තුළ බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුරෝපානු රටක් කොරෝනා එන්නත අනිවාර්යය කළ පළමු අවස්ථාව මෙය වනවා.
බොහෝ යුරෝපීය රටවල එන්නත අනිවාර්යය කර තිබුණේ, වෛද්‍ය කාර්යය මණ්ඩලයට සහ වැඩිහිටි ජනගහනය සඳහා පමණයි.
රට වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමට මෙම නව නීති අත්‍යවශ්‍ය බවයි ඔස්ට්‍රියානු රජය ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article