වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
Tuesday, 01 February 2022 - 10:19 | Views - 456
වැල්ලම්පිටිය - සාලමුල්ල - ගමගේවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ අයෙකු බවටයි දැනට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
Share This Article