උසස් පෙළ උපකාරක පන්ති අද රාත්‍රීයේ සිට තහනම්
Tuesday, 01 February 2022 - 9:09 | Views - 7,748
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, විෂයානුබද්ධ දේශන සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බවයි.
2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 කු විභාග මධ්‍යස්ථාන 2,438කදී විභාගයට පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයන්හි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article