තවත් බලාගාරයක් නවතියි
Tuesday, 01 February 2022 - 8:33 | Views - 536
ඉන්ධන සංචිත අවසන්වීම හේතුවෙන් කොළඹ වරායේ බත්තල බලාගාරය ඊයේ (31) පස්වරුවේ සිට අක්‍රීය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් අහිමි වන බවයි වාර්තා වන්නේ.

බත්තල බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 500ක් පමණ ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර අද (01) දිනයේදී එම ඉන්ධන ලැබුණු පසු බලාගාරය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ අක්‍රීය ව පැවති විදුලි ජනන යන්ත්‍රය පිළිසකර කිරීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් මේ වන විට ජාතික පද්ධතියට එක් කර ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

මීට අමතරව අක්‍රියව පැවති කැළණිතිස්ස - සොජිට්ස් බලාගාරය අද දිනයේදී යළි ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මෙගාවොට් 163ක විදුලි ධාරිතාවකින් යුත් එම බලාගාරයෙන් මෙගාවොට් 130ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට මුදා හැරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (31) ප්‍රකාශ කර සිටියා.

මේ අතර, කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි සූර්ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කළ යුතු බවට වූ යෝජනාවක් සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top