මවක් වෙන්න කොවිඩ් එන්නතෙන් බලපෑමක් ද ? නවතම අනාවරණය මෙන්න
Tuesday, 01 February 2022 - 7:52 | Views - 548
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ඔසප් චක්‍රයේ සුළු වෙනස්කමක් ඇති විය හැකි බව ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයන කිහිපයකින් තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, එය ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බව එක්සත් රාජධානියේ ප්‍රජනන ප්‍රතිශක්තිවේද විශේෂඥයෙකු වන වෛද්‍ය වික්ටෝරියා මේල් ප්‍රකාශ කර ඇත. 
 
ඇය සඳහන් කළේ, ඔසප් චක්‍රය පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය සහ නොර්වේ යන රටවල සිදු කරන ලද අධ්‍යයනවලදී එය යළි ත් තහවුරු වූ බව ය. 
 
එමෙන් ම, කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් සරුභාවයට බලපෑම් ඇති වන බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ද ඇය දොස් පවරා ඇත. 
 
කොවිඩ් එන්නත දරුවන් ලැබීමේ හැකියාව සඳහා බලපෑම් ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද විශේෂඥයින් ප්‍රකාශ කර තිබේ. 
 
කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් පසු අනපේක්ෂිත ලෙස යෝනි මාර්ගයෙන් ලේ ගැලීම් සහ අධික හා ප්‍රමාද වූ ඔසප් වීම් පිළිබඳ වාර්තා එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ආයතනයට 37,000කට වඩා ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. 
 
කෙසේ වෙතත්, එම ආයතනය සඳහන් කර ඇත්තේ ඊට කොව්ඩ් එන්නත සම්බන්ධ බවට සාක්ෂි නොමැති බව ය. 
 
ස්වභාවිකව ම ඔසප් චක්‍රය වෙනස්කම්වලට භාජනය වීම ඊට හේතුව බව ඔවුන් සඳහන් කර ඇත. 
 
නමුත් ඒ පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කළ යුතු බවට විද්‍යාඥයින් සඳහන් කර තිබේ. 
 
කාන්තාවන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ සිදු කරන ලද අමෙරිකා එක්සත් ජනපද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, දෙවන එන්නත් මාත්‍රාවෙන් පසු ඔවුන්ගේ ඊළඟ ඔසප් වීම දින භාගයකින් ප්‍රමාද වූ නමුත් පළමු එන්නතෙන් පසු ප්‍රමාදයක් සිදු නොවූ බව ය. 
 
වෛද්‍ය මේල් වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇති වුව ද ඒවා ස්වභාවික වෙනස්වීම් හා සසඳන විට සුළු සහ ඉක්මනින් යථා තත්ත්වයට පත්වන වෙනස්කම් බව ය. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top