දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක
Monday, 31 January 2022 - 14:52 | Views - 392
විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.ජී. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් එම කැඳවීම සිදු කරන බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බවයි ඔහු සඳහන් කළේ.
දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු වීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.
Share This Article