අමෙරිකානු රූ රැජිනක් වන චෙස්ලී ක්රිස්ට්, මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන තිබෙනවා.
චෙස්ලී ක්රිස්ට් 30 හැවිරිදි වියේ පසු වුනා.
ඇය මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක 29වැනි තට්ටුවේ සිට පැන සිය දිවි හානි කරගෙන ඇති බව සදහන්.
මෙය සිය දිවි නසාගැනීමක් බව නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
මියයෑමට සුළු මොහොතකට පෙර ඇය "අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත" යනුවෙන් සිය ඉන්ස්ටග්රෑම් පිටු වට සටහනක් ද එක් කර තිබෙනවා.