ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ වනවිටත් එම සිද්ධියට අදාළ ව පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා ඊයේ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් කලගෙඩිහේන ප්‍රදේශයට පැමිණ තිබුණා.
එහි සිටි කිසියම් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණේ, එම අවස්ථාවේදියි.
පසු ව සමුළුවට සහභාගිවීමට පැමිණ සිටි පාක්ෂිකයින් පිරිසක් විසින් බිත්තර ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු පොලීසියට භාර දීමට කටයුතු කර තිබුණා.
අදාළ බිත්තර ප්‍රහාරය එල්ල කරන පුද්ගලයින් හා එම බිත්තර ප්‍රහාරය එල්ල කරන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුණා.