නාත්තන්ඩිය දම්මිස්සර ජාතික පාසලේ සිසුවියක කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, එම විදුහලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.
ඇය මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව යි මෙලෙස මියගොස් ඇත්තේ.
පසුගිය 28 වන දා පාසල් ගොස් නිවසට පැමිණෙන අතරතුර දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඇයව මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ අසාද්‍ය තත්ත්වය සලකා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, තබ්බෝව ප්‍රදේශයේ පදිංචි බී.එම්.ටී මනීෂා කුමාරි නමැති ශිෂ්‍යාවයි.
ඇයව රෝහල්ගත කරන අවස්ථාවේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණු පසුව යි ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.
කෙසේ වෙතත් ඇයට තිබූ වෙනත් සංකූලතා මොනව ද යන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැහැ.