ළඟ එන අ.පො.ස උසස් පෙළ ගැන විභාග කොමසාරිස් ජෙනරාල් පළමුවරට හෙළි කරයි (Video)
Saturday, 29 January 2022 - 13:36 | Views - 1,513
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන බව, විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ දින වකවානු සම්බන්ධයෙන් කඩිනමින් තීරණයකට එළඹෙන බවයි.

මේ අතර, පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය ශිෂ්‍යත්ව විභාගය තුළ දී දරුවන්ට සිදු වූ අක්‍රමිකතා ගැන අදහස් පළ කළ විභාග කොමසාරි ජනරාල්වරයා පැවසුවේ, වංචා සිදුව නොමැති බවත්, එහෙත් දරුවන්ට ප්‍රශ්න පත්‍රය ලබාදීම වෙනුවෙන් ගතකළ කාලය සම්බන්ධයෙන් අක්‍රමිකතා බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.

විභාගය සඳහා දරුවන්ට නියමිත කාලයක් නොලැබුණු බවට මේ වනවිට ලැබී ඇති පැමිණිලිවලින් ප්‍රමුඛ වන බව ද හෙතෙම සඳහන් කළා.

එමෙන්ම එවැනි බරපතළ සිදුවීම් තුනක් පමණ තමන් හට වාර්තා වී ඇති අතර, ඒවා සිදු වී ඇත්තේ, ගල්ගමුව, නාගොඩ සහ වැලිමඩ යන ප්‍රදේශවල බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා හිරු 'ඇත්ත' වැඩසටහන සමග එක්වෙමින් සඳහන් කළේ.

කෙසේවෙතත් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, කිසිදු අයුරකින් තමන් දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හැකි ඉක්මනින් සාධාරණව නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top