ඒ ඇඳුම ඇන්දම පිටුපසින් බලන කෙනෙකුට පෙනෙන්නේ ඇඳුමක් නැති විදියටයි - විදුහල්පතිගේ අමුතු පාඩමක්
Saturday, 29 January 2022 - 11:26 | Views - 503
දකුණු පළාතේ උපනගරයක පිහිටි පාසලකි.

මෙම පාසල පිහිටියේ පොල්රුප්පාවලින් ගහණ ප්‍රදේශයකය. 
 
දිනක් එක් පන්තියක සිසුන් දිවා විවේකයේ සෙල්ලම් කරමින් සිට හදිසියේ තම පන්ති භාර ගුරුතුමිය වෙත දිවගොස් කියා සිටියේ ‘ටීචර් කවුද අංකල් කෙනෙක් ඇඳුම් නැතිව පොල් ගසක නගින’ බවයි. 
 
වහා නැගී සිටි ගුරුතුමිය සිසුන් සමඟ එම ස්ථානයට ගියේ එය සැක හැර දැන ගැනීමටය. 
 
ඇය එම ස්ථානයට එන විටත් ඇය දුටුවේ යම් පුද්ගලයෙකු පොල් ගසේ භාගයක් නැග පොල් ගස බදාගෙන වටපිට බලමින් සිටින බවයි.
 
එම දසුන දුටු සැනින් ඇය වහ වහා විදුහල්පති තුමාගේ කාමරයට ගොස් මේ බව කීවාය. 
 
සිද්ධිය පිළිබඳ පුදුමය පළකළ විදුහල්පතිතුමා තවත් ගුරුවරයකු සමග අදාළ පුද්ගලයා සිටින පොල් ගස දෙසට එනවිට දුටුවේ සිසුන් පිරිසක් සිනාසෙමින් ඒ දෙස බලාසිටින අයුරුත්, පොල් ගසේ සිටින පුද්ගලයා සිසුන් දෙස පුදුමයෙන් බලාසිටින අයුරුත්ය.
 
ඒ දසුන දුටු සැණින් කාරණය වටහා ගත් ගුරුතුමාට ද සිනා පහල විය. 
 
එහෙත් එම සිනහව සඟවා‍ගෙන ඔහු සිසු දරුවන්ට කාරණය වටහා දෙන්නට වූයේය.
 
‘දරුවනේ මේ ගසේ ඉන්නේ පොල් කඩන මාමා කෙනෙක්. යම් කිසි වැඩක් කරන විට පහසු ඇඳුමක් අප ඇදගන්නවානේ. මේ මාමාත් එහෙමයි. නගරයේ අය නම් ගස් නගිනවිට අඳින්නේ කොට කලිසමයි. ඒත් මේ ගමෙන් ආපු මාමා කෙනෙක්. ඔහු තවම අඳින්නේ අපේ පැරණි කෘෂිකාර්මික ඇඳුමක්. 
 
ඒ ඇඳුමට කියන්නේ අමුඩය කියලා. එම ඇඳුම ඇන්දම පිටුපසින් බලන කෙනකුට පෙනෙන්නේ ඇඳුමක් නැති විදියටයි.’ විදුහල්පතිතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු සිසුන් සමඟ පන්තියට යන ගුරුතුමිය පවසා සිටියේ, ‘දරුවනේ ඔන්න අපි අද තවත් පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි අපේ මුතුන්මිත්තන් කෘෂි කාර්මික කටයුතුවලදී ඇඳපු ඇඳුම පිළිබඳව.’
 
කේ. අජිත් 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top