මාකුඹුරේ සිට ප්‍රදේශ 24කට නව බස් සේවාවක්
Saturday, 29 January 2022 - 9:50 | Views - 549
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දුරස්ථ ප්‍රදේශ 24කට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව සුඛෝපභෝගී ප්‍රවාහන සේවාව පෙබරවාරි පළමු වනදා සිට ආරම්භ කෙරුණා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථ 72 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර මාස අටක කාලයක් පුරා තාවකාලිකව අවලංගු කර තිබූ කොළඹ - කොටුව - පොළොන්නරුව, පුලතිසි නගරාන්තර දුම්රිය ඊයේ සිට යළි ධාවනයට එක් කර තිබෙනවා.
Share This Article