බූස්ටර් එන්නත ගැන අලුත්ම හෙළිදරව්ව
Saturday, 29 January 2022 - 8:50 | Views - 498
කොවිඩ් මර්දනය සඳහා ලබා දෙන බූස්ටර් එන්නත කල් ඉකුත් වීමට ආසන්න බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු සඳහන් කළේ, ඕනෑ ම එන්නතක් කල් ඉකුත් වන අතර තමන් දන්නා තරමින් මෑතකදී කල් ඉකුත් වන කොවිඩ් එන්නත් නොමැති බව යි. 
 
සිදු කළ යුත්තේ එන්නත් කල් ඉකුත් වන තෙක් සිටීම නොව, හැකි ඉක්මනින් එන්නත ලබා ගැනීම බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ ය. 
 
"ඕනෑ ම එන්නතක් කල් ඉකුත් වෙනවා. අපි ගෙනාවා ම ගෙනාපු වේගෙන් ගහනවා මිසක් නිකම් පදම් කර කර තියා ගත්තොත් පරණ වෙනවා ම නේ. ඉතින් හැකි ඉක්මනින් ඇවිල්ලා බෙහෙත ගහගන්න ඕනේ. කල් ඉකුත් වෙන හින්දා නෙවෙයි බෙහෙත ගහගන්න ඕනේ. අපිට එන්නත අද ලැබුණා ම ඒක කල් ඉකුත් වීම කිට්ටු වෙන කොට ගහන එක නෙවෙයි වැදගත් වෙන්නේ, බෙහෙත් ගෙනාපු දවසේ ඉඳලා හැකි ඉක්මනින් ගහලා ඉවර කරලා දාන එක. ඒකට අපිට මිනිස්සුන්ව බලහත්කාරයෙන් ගේන්න බැහැ නේ. ඒ නිසා මිනිස්සු ත් දැනගන්න ඕනේ හැකි ඉක්මනින් ඇවිල්ලා බෙහෙත ගන්න. අපි දන්නා තරමින් මේ ළඟදී කල් ඉකුත් වෙන එන්නත් නැහැ. තියෙන ඒවාට කල් තියෙනවා. 
 
උඩ බලාගෙන හිටියොත් නිකම් ම කල් ඉකුත් වෙන දිනය ළඟා වෙයි, එක හින්දා ඉක්මනින් ඇවිල්ලා ගහගන්න එක තමයි කරන්න ඕනේ. කෑමක් බීමක් වුණ ත් ගෙදරට ගෙනාවා ම අනිවාර්යයෙන් ම අපි කල් ඉකුත් වන දිනය වෙනකම් තියාගෙන ඉන්නේ නැහැනේ. ඉක්මනින් කාලා ඉවර කරනවා. මොක ද කල් ඉකුත් වන දිනය ළං වෙනකොට ෂුවර් නැහැ. මේක ගහගන්නේ අපේ ආරක්ෂාවට. කවුරු හරි හිතනවා නම්, අපි ගත්ත කෑම ටිකක් තියෙනවා, ඒ නරක් වෙන හින්ද යි අපිට කන්න දෙන්නේ. ඒක හින්දා අපි කන්නේ නැතුව හිටියොත් මොක ද වෙන්නේ? අපි බඩගින්නේ නේ. ඒ නිසා එහෙම කරන එකේ තේරුමක් නැහැ. මේක මේ එන්නත විදගන්න තියෙන බය. ඒකට විවිධ හේතු දාලා මේක නොවිද ඉන්න ඔය දේවල් පාවිච්චි කරන්නේ. හුඟ දෙනෙක්ට තියෙන්නේ එන්නත් කටුවට තියෙන බය. ඒක මානුෂික හැසිරීමක්."


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top