බූස්ටරය නොගැහුවොත් දඩ ?
Friday, 28 January 2022 - 12:12 | Views - 6,091
තුන්වන මාත්‍රාව ලෙස ලබා දෙන ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබා නොගන්නා පුද්ගලයන්ට දඩයක් ගැසීම පිළිබඳව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශය කරුණු සොයා බලමින් සිටින බව, වෛද්‍ය හේමන්ත හේරත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් සමග ප්‍රකාශ කර තිබුණා.

ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම්, පූර්ණ එන්නත්කරණය ඒ සදහා අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති බව, වෛද්‍යවරයා එහිදී පැවසුවා.

මේ වන විට වසංගතය යළි කෙමෙන් දරුණු අතට හැරෙමින් තිබෙන අතර, බූස්ටර් එන්නත ලබා ගැනීම සදහා ඇති මහජන උනන්දුව තවමත් ඇත්තේ අඩු මට්ටමක බවයි, ඔහු එහිදී පැවසුවේ.

බූස්ටර් එන්නත ලබා නොගන්නා පුද්ගලයන් දඩයකට යටත් කිරීම ලෝකයෙන් වෙනත් රටවල් විසින් ද කරනු ලබන බවත් උදාහරණයකට, ඉතාලියේ, වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන් බූස්ටර් එන්නත ලබා නොගෙන ඇත්නම්, ඔවුන්ගෙන් යුරෝ සීයක දඩයක් අය කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී අවධාරණය කළා.

බූස්ටර් එන්නත ලබා නොගන්නා මෙරට පුද්ගලයන්ගෙන්ද දඩයක් අයකරනවානම්, එම දඩය අයකරනු ලබන්නේ කවර ආයතනයක් මඟින් ද යන්න පිළිබදව ද සොයාබලමින් සිටින බවයි, වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් අදාල පුවත්පතට හෙළිඳරව් කළ සිටියේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top