ගම්පහට තදින් වැටෙන සීමා
Friday, 28 January 2022 - 9:04 | Views - 4,062
ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කොවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කල බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි. ඊයේ පැවති මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ පළමුවන, දෙවන සහ තුන්වන මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණ පුද්ගලයන් ලෙස සැලකෙන බවත් රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කොවිඩ් පැතිර යාම වැළැක්වීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනිමට රජයට සිදුව ඇති බවත් ය. එසේම රජය එම තීන්දු ගන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බව ද ඇමතිවරයා සඳහන් කළා.
Share This Article