වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ පුද්ගලික සහකාර ලේකම්වරයෙකුට පසුගිය 25 වනදා රාත්‍රියේ සුපිරි වෙළඳසැලක් තුළදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඔහු 25 වනදා රාත්‍රියේ සුපිරි වෙළෙඳ සැලක සිටින අතරවාරයේ එයට පුද්ගලයින් දෙදෙනෙකු මුඛ ආවරණ නොමැතිව ඇතුලු වී ඇති අතර එහිදී වෙළඳසැල සේවිකාවක් ඔවුන්ට මුව ආවරණ පළදින ලෙස උපදෙස් දී තිබෙනවා.
එම අවස්ථාවේ උරණ වූ පුද්ගලයින් දෙදෙනා සේවිකාවට බැන වැදී ඇති අතර, අසල සිටි ලේකම්වරයාද සේවිකාවගේ සහයට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ ඇති වූ වචන හුවමාරුව දුරදිග යාමෙන් ඔවුන් ලේකම්වරයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.