නව සෞඛ්‍ය මාර්ගෝපදේශ
Thursday, 27 January 2022 - 16:13 | Views - 1,468
කොවිඩ් 19 වසංගත සමයේ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද නිකුත් කළා.

මෙම නව මාර්ගෝපදේශ අනුව ගතවූ මාස 6ක කාලය තුල කොවිඩ් මර්දන එක් එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් ඇතුලු සැම සලකනු ලබන්නේ සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙසටයි.

එමෙන්ම මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපල හරහා සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණයේදී සී ටී අගය 30ට අඩු පරීක්ෂණ වාර්තා  හිමි සංචාරකයින් සහ මෙරටට පැමිණෙන්නන් දින 7ක නිරෝධායන කාලයකට යටත්ව ගුවන්තොටුපලින් බැහැරට යාහැකි වනවා.

ඔවුන් එලෙස ගුවන්තොටුපලින් නිදහස් කරනුයේ අදාළ ගමනාන්තයේ නිවෙස් නිරෝධායනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇත්නම් පමණයි.

මීට අමතරව සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ දෙමව්පියන් සමග පැමිණෙන වයස අවුරුදු 12ට අඩු දරුවන් සම්පූර්ණයෙන් කොවිඩ් පරික්ෂණවලින් මුදාහැර ඇති අතර වයස අවුරුදු 12ත් 18ත් අතර එක් එන්නතක් පමණක් ලබාගත් දරුවන් ද සිය දෙමව්පියන් සමග බැහැරට යාමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් 19 අධි අවදානම් රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා සිදු කෙරෙන නිරෝධායන කටයුතු පිළිබඳව ඔවුන්ගේ වාර්තා අනුව තීරණය කෙරෙන බවයි මෙම නව යාවත්කාලීන කිරීමේ දැක්වෙන්නේ.

ඒ අනුව ඇතැම්විට ඔවුන්ගේ නිරෝධායන කාලසීමාවන් දින 7 සිට 14 දක්වා වෙනස්විය හැකි බවත් මෙහි දක්වා තිබෙනවා.

සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව මෙතැනින්
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top