විදුලිය කපන්නේ ද ? - දැනුම්දීම අද සවස (Video)
Thursday, 27 January 2022 - 15:01 | Views - 664
පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර යළි විදුලිය කප්පාදුවක් සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව අද (27) පස්වරුවේ දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොම්සම ප්‍රකාශ කළා.

මේ අතර බලශක්ති අමාත්‍යංශය පැවසුවේ මේ වනවිට අක්‍රීය කර ඇති කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයෙන් ඉල්ලීමක් කළහොත් අවශ්‍ය ඩීසල් ලබා දීමට සූදානමින් සිටින බවයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය ඊයේ (26) දහවල් අක්‍රීය කෙරුණු අතර, මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 162ක්.

මෙම බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 6ක පමණ කාලයක් ගත වනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වසා දමා ඇති එම බලාගාරය වෙනුවට ඔවුන්ගේ යටතේ පවතින වෙනත් බලාගාරයකින් විදුලිය උත්පාදනයට හැකි නම් ඒ වෙනුවෙන් ඩීසල් ලබාදීමට සූදානම් බව බලශක්ති අමාත්‍යාංශය අප කළ විමසීමකදී සඳහන් කළා.

කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය සඳහා ලබාදීමට මේ වනවිටත් ඩීසල් තොගයක් ඛනිජතෙල් අමාත්‍යාංශය සූදානම් කර ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර ඇතත්, මෙතෙක් ඊට පිළිතුරක් ලැබී නැහැ.

මේ අතර, වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් රැගත් නෞකාවක් අද (28) කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.

එමගින් දිවයිනට රැගෙන එන ‌බොරතෙල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 90,000ක්.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන 30 වැනිදා ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඩීසල් රැගත් නෞකාවක් ද මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති අතර එමඟින් මුතුරාජවෙල - කෙරවළපිටියේ පිහිටි තෙල් පිරිපහදුව වෙත ඩීසල් පොම්ප කිරීමේ කටයුතු අද (27) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඩොලර් අර්බුදයත් සමග බොරතෙල් මිල දී ගත නොහැකිව සපුගස්කන්ද පිරිපහදුව වැසී ගිය පසුබිමක මෙරට ඉන්ධන ආශ්‍රිත විදුලි උත්පාදන කටයුතු ද අර්බුදයකට පත්වීමෙන් විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට පසුගිය දිනවල යෝජනා ඉදිරිපත් වුණා.

එලෙස ලංකා විදුලිබල මණ්ඩලය කළ විදුලි කප්පාදුවට අදාළ යෝජනාව සහ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම මණ්ඩලය අද පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කිරීමට නියමිතයි.

ඒ අනුව යළිත් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අද පස්වරුව වනවිට දැනුම් දෙන බවයි එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top