ජය ශ්රී සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනා වෙත කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන මස 23 වනදා දක්වා අද (27) යළි දීර්ඝ කෙරුණා.
රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් විසින් ගායනා කරන මොඩ් ගොවියා සහ සුන්දරියේ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත 20ක් ගායනා කිරීම, ප්රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වාලමින් මීට පෙර මෙම නියෝගය නිකුත් කෙරුණේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.