රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක්
Thursday, 27 January 2022 - 13:33 | Views - 535

දිවයින පුරා රෝහල්වලවල රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක් පවතින බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයකු සඳහන් කළේ, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශ සැපයුම් අංශයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක් පවතින බවත් මෙරට ප්‍රධාන ඖෂධ උපකරණ සමාගම් දෙකක් හරහා වහාම එම හිඟය පියවීමට පියවර ගෙන ඇති බවයි.
මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ රෝහල් බොහොමයක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇති අතර ඇතැම් රෝහල්වල බාහිරව සිදුකෙරෙන පරීක්ෂණ කිසිවක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.
කොළඹ ජාතික රෝහලේ ද දිනකට බාහිරව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරන අතර, මේ වන විට එම පරීක්ෂණ සියල්ල නවතා දමා ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව කළුබෝවිල, රාගම, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව ආදී මහ රෝහල් වලට ද මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය බලපා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පී.සී.ආර් පරීක්ෂණ සඳහා පාවිච්චි කරන පරීක්ෂණ කට්ටලවල ද හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය කාලසීමාවේ දී දිවයිනේ කොවිඩ් -19 රෝගීන් වාර්තා වීම අඩුවීම හේතුවෙන් මෙලෙස රැපිඩ් ඇන්ටිජන් කට්ටල කට්ටල සහ පී.සී.ආර් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සීමා කර ඇති බවයි අප සමග අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශ සිය ගබඩාවල රැපිඩ් ඇන්ටිජන් කට්ටල සහ පී.සී.ආර් කට්ටල සහ මුලින්ම නිමාවන තෙක් බලා සිට අවසන් මොහොතේ හදිසි මිල දී ගැනීම් කරා යොමු වීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසන්නේ රට ආර්ථික වශයෙන් අගාධයකට වැටී ඇති මොහොතක හදිසි මිල දී ගැනීම් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් සාක්කු පුරවා ගැනීමට කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි.
Share This Article