දරුවන්ට කොරෝනා රෝගය වැළදීමට වැඩි ඉඩකඩ ඇත්තේ, පාසලෙන් නො ව දෙමව්පියන්ගෙන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා .
කොරෝනා රෝගය මෙන්ම ඩෙංගු ද සමාන රෝග ලක්ෂණ ඇති බැවින් යම්කිසි රෝග ලක්ෂණයක් දරුවන් විසින් පෙන්නුම් කරනවා නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.
පාසල් පද්ධති පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බැවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් තම වගකීම් ඉටු කළ යුතු බව යි ඔහු ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ.
වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, එන්නත්කරණය පිළිබඳ ජනතාව මිත්‍යා මත විශ්වාස කරන බැවින් සමාජයේ පවතින වැරදි මත වාද ඉවත දමා booster එන්නත ද ලබාගත යුතු බව යි .