කළුතරින් මතු වූ දුර්ලභ වර්ගයේ සුදු ලේනා (Photos)
Thursday, 27 January 2022 - 11:47 | Views - 958
වස්කඩුව ප්‍රදේශයේ නිවසකට පසුගියදා දුර්ලභ වර්ගයක සුදු ලේනෙක් පැමිණ තිබෙන බව වාර්තා වනවා.කළුතර, වස්කඩුව සමුද්‍රාසන්නාරාම විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසකට මෙම ලේනා පැමිණ ඇති අත සත්වයා මේ වනවිට කුඩුවක රදවා පලතුරු ආහාරයට ලබා දෙමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන්.රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු නිවැසියන් සත්වයා කූඩුවක දමා ජාතික සත්වෝද්‍යානයට සහ කළුතර උතුර පොලිසියට දැනුම් දී තිබෙන බවද සඳහන්.
උපුටා ගැනීම - දිවයින
Share This Article