හිඟයට විසඳුම හෙට මෙරටට
Thursday, 27 January 2022 - 10:20 | Views - 971
සිමෙන්ති කොට්ට ලක්ෂ 02ක් රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවන බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් සඳහන් කළේ, පසුගිය සතියේ ද සිමෙන්ති කොට්ට ලක්ෂ 06ක් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණි බවයි.

කෙසේ වෙතත්, අධික ඉල්ලුම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති හිඟයක් වාර්තා වන බව ද ඔවුන් සඳහන් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගය, පෝට් සිටි සහ නාගරික නිවාස ඉදිකිරීමේ කටයුතු මෙන්ම වෙනත් පෞද්ගලික අංශයේ ඉදිකිරීම්වලට තවදුරටත් වැඩි ඉල්ලුමක් පවතින බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

මේ අතර, වැටලීම් සිදු කළ ද ඇතැම් ව්‍යාපාරිකයින් අධික මිල ගණන් යටතේ තවදුරටත් සිමෙන්ති අලෙවි කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

බෙහෝ ප්‍රදේශවල මේ වනවිට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1600ත් 1800ත් අතර මිලකට අලෙවි වන බවට යි වාර්තා වන්නේ.

පාරිභෝගිකයින්ගෙන් ලැබෙන පැමිණිලි හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කළා.

මේ අතර, වැඩිමිලට සිමෙන්ති අලෙවි කිරීම වැළැක්වීමට සහ සිමෙන්ති හිඟයට විසඳුම් සෙවීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්, සිමෙන්ති ආනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top