රිය අනතුරකින් වෛද්‍ය සිසුන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කලේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අදාල සිසුන් පිරිස විභාගයකට පෙනී සිටිමෙන් අනතුරුව සුඛෝපභෝගි ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
නාගපූර් සහ තුල්ජපූර් අධිවේගී මාර්ගයේදී අනතුර සිදුව ඇත්තේ අධික වේගය හේතුවෙන්.
මියගිය සිසුන් අතර භාරතීය ජනතා පක්ෂයේ මහාරාෂ්ට්‍ර ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයාද වන බවයි වාර්තා වන්නේ.