ඔමික්‍රොන් ප්‍රභේදය වෙනුවෙන් නව බූස්ටර් එන්නතක් සාර්ථක මට්ටමින් අත්හදා බලමින් සිටින බව මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම පවසනවා.
මේ වන විටත් පුද්ගලයින් 600කට පමණ මෙම බූස්ටර් එන්නත ලබාදෙමින් සායනික පරීක්ෂාවන් සිදු කර ඇති අතර ඉන් 300 දෙනෙකුම පළමු සහ දෙවන එන්නත් ලෙස මොඩර්නා එන්නතම ලබා ගත් පුද්ගලයින් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මොර්ඩනා සමාගම පෙන්වා දෙන්නේ, බූස්ටර් එන්නතක ප්‍රතිශක්තිය වුව ද මාස 6ක පමණ කාලසීමාවක දී සැලකිය යුතු මට්ටමකින් අවම වන බවයි.
ඊට පිළියමක් සිය නව එන්නත මඟින් අපේක්ෂා කරන බව එම සමාගම ප්‍රකාශ කළා.