ජනපති සිනාමුසු මුහුණෙන් නාමල්ට දුන් අවසරය
Tuesday, 25 January 2022 - 16:15 | Views - 642
ප්‍රශ්න පිට ප්‍රශ්න ඉතුරු වූ තවත් දේශපාලන සතියක් නිමාවුණේ ජනතාවතුළ අවිනිශ්චිත බළාපොරෝතු රැසක් ඉතුරු කරමිනි.

පසුගිය දීර්ඝ සති අන්ත නිවාඩුව ආරම්භ වූයේ 14 වැනි සිකුරාදා යෙදී තිබූ තෛපොංගල් උත්සව දිනයත් සමඟ ය. එදා හවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සුවිශේෂී උත්සවයකට ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගි වුණා . උත්සවය පැවැත්වුණේ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක පදවියට අභිනයෙන් පත්වූ දොඩම්පහල චන්ද්‍රසිරි මහනායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙනි.

දාහතර වැනි දා පස්වරුවේ පැවති මෙම උත්සවයට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට හා අනෙකුත් පක්ෂ නායකයන්ට මෙන්ම ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමතිවරුන් රැසකට ආරාධනය කර තිබුණා.

ජනාධිපතිවරයා ඇතුළු විශේෂ අමුත්තන් පිරිස වෙස් නැටුම් හේවිසි හොරණෑ සහිත පෙරහරකින් පිළිගනු ලැබුවා.උත්සව සභාවේ දී පිළිගැනීමේ කතාව කරනු ලැබුවේ අමරපුර උත්තරීතර මහා සංඝ සභාවේ සාමාජික පල්ලෙකන්ද රතනසාර හිමියන් විසිනුයි . සිසු නිකායන්හි අනුනායක හිමිවරුන්ටත් මෙම උත්සවයට ආරාධනා කර තිබීම විශේෂත්වයකක්.

උත්සව අවස්ථාවේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යම් වැදගත් දෙයක් සාකච්ඡා කරමින් සිටින බව පැහැදිලි වුණා. මාදම්පාගම අස්සජි තිස්ස හිමියන් විසින් සන්නස් පත්‍රය කියවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම සන්නස්පත්‍ර ය මහනායක හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධූරයේ විජිනිපත පිළිගන්න වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සති කිහිපයකට පෙර විශේෂ ප්‍රකාශයක් කළා. සෞභාග්‍යයේ දැක්ම තුළින් රටට යෝජනා කළ තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට කොරෝනා වසංගතයෙන් අවුරුදු දෙකක් තිස්සේ ඉඩක් නොලද බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ ජනතාව හමුවේ පොරොන්දුවක් වුණා . එනම් අතපසු වූ සියලු වැඩකටයුතු ඉදිරි අවුරුදු තුන තුළ කර අවසන් කරන බවටයි. විපක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් ද නොයෙකුත් චෝදනා හා විවේචන එල්ල කරන්නට වුණා.

ජනාධිපති සිනාමුසු මුහුණෙන් නාමල්ට දුන් අවසරය

තත්ත්වය මෙසේ තිබියදී තවත් අලුත් දෙයක් සිදුවුණා. ඒ වූ කලී අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතියේ තවත් දිගුවක් වූ උතුරු හා මධ්‍යම අධිවේගයේ ඉතා සුවිශේෂී කොටසක වැඩ නිමවා ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයයි. මංතීරු හතරක් ඔස්සේ දේශීය තාක්ෂණයෙන් හා දේශීය මුදල් වලින් ඉදි කෙරුණු මෙම මාර්ග කොටස සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කතා කළේ මහත් ආඩම්බරයෙනුයි. කිලෝමීටර් හතලිස් ගණනක් වූ මෙම මාර්ග කොටසින් කිලෝමීටර් 10 කට වැඩි ප්‍රමාණයක් කණු මතින් ඉදිවූ පාලම් සේ නිමවා තිබීම විශේශත්වයක්. ප්‍රදේශයේ ස්වාභාවික පරිසරය හා සොබා සුන්දරත්වය ආරක්ෂා වන සේ නිමවා තිබෙන මෙම කොටස අපේ රටේ අධිවේගී මාර්ග පද්ධති වල අලංකාරම කොටස බව බොහෝ දෙනකුගේ පිළිගැනීමයි.

මීරිගම ප්‍රදේශය කෝකිලා ගුණවර්ධන ගේ දේශපාලන බල ප්‍රදේශය බැවින් ප්‍රසන්න රණතුංගගේ මගපෙන්වීම මත මීරිගම අධිවේගී මාර්ග උත්සවය සංවිධානය කර තිබුණේ කෝකිලා විසිනුයි. ඕ දහසකට අධික මහ සෙනගක් මෙම උත්සවයට සියලු කොවිඩ් මර්දන නීතිරීතිවලට අනුකූලව එක් රැස් කරවා ඔවුන්ට නිසි පරිදි ආහාර පාන ද සපයා දී තිබුණා.

පළමුවෙන්ම නාමල් හා අගමැති මහින්ද පැමිණි අතර දෙවනුව ජනාධිපති ගෝඨාභය පැමිණියා. කෝකිලා මෙහෙයවූ උත්සව සභාවේ වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් වුණා. නාමල්ට මීරිගම තරුණ පිරිස ගෙන් සෙල්ෆි ඡායාරූප ගැනීමට ආරාධනා ලැබුණා. නාමල් ජනාධිපතිවරයාගේ මුහුණ බලද්දී ජනාධිපතිවරයා ඊට අවසර දුන්නේ සිනාමුසු මුහුණෙන් සංඥාවක් කරමිනුයි.

නිසි වේලාවට ජනාධිපති අධිවේගයේ ගමනාගමනය විවෘත කළා. නිසි පරිදි ටිකට්ටුවක් ගෙන පීත්ත පටිය කැපූවායින් පසු ගමන ආරම්භ කිරීමට නියමිත වුණා.ජනාධිපතිවරයට සහ අගමැතිවරයාට ආධිවේගී මාර්ගයේ පළමු ටිකට් පත ලභාදුන්නේ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි විසිනුයි.ටිකට් පත ලබාදෙමින් ඔහු ජනාධිපතිවරයාගේ වාහනයේ දොර අයිනේ බිමට නැමෙමින් කළ අචාරකිරිම පිළිබඳව සමාජ මාධ්‍යවල බොහෝ වීවේඡන ඉදිරිපත්වුණා ජනාධිපතිවරයාට එක වාහනයකුත් අගමැතිට හා නාමල්ට තවත් වාහනයකුත් වෙන්ව තිබිණා.

තම වාහනයේ ඉදිරිපස රියදුරෙක් සිටින බව දුටු ජනාධිපති නාමල්ට අනික් පසින් පැමිණ රියදුරු අසුනේ අසුන් ගන්නැයි කිව්වා. ප්‍රසන්නටත් ජනාධිපති කතා කළා."ඔයත් මේකටම එන්න. අගමැතිතුමාගේ වාහනේ ජොනී ගන්න. "ඒ අනුව ප්‍රධාන වාහන දෙක ඉදිරියෙනුත් සෙසු වාහන සියල්ල පිටි පසිනුත් ගමනාරම්භ කළා. මගතොට රැස්ව සිටි ජනතාවට අත වනමින් මගතොට සිරි විමසා බලමින් එම කිලෝමීටර් 40 යන්නට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් තරමක් වේලා ගත වුණා.

"එක් එක්කෙනා එක එක පද හදාවි. ඒ පද වලට නටාවි.''

ජොන්ස්ටන් සංවිධානය කර තිබූ කුරුණෑගල උත්සව බිමේ දී අධි වේගයෙන් පැමිණි වාහන සියල්ල ජනතාව විසින් පිළිගනු ලැබුවේ රබන් වයමින් සීපද කියමිනුයි. එහි ඉතා අලංකාර උත්සවයක් සංවිධානය වී තිබුණා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රධාන මහා සංඝරත්නය ප්‍රමුඛව සර්ව ආගමික පූජා ප්‍රසාදීන් වහන්සේලා⁣ගේ සෙත් පැතුම් හා සුභ පැතුම් මධ්‍යයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් උත්සව සභාවට එක්වූණා.රැකව ජිනරතන හිමියෝ පිළිගැනීමේ කතාව කරනු ලැබූවා.

"එක් එක්කෙනා එක එක පද හදාවි. ඒ පද වලට නටාවි. කවුරු නැටුවත් ඔබතුමන්ලා කලබල වෙන්න එපා. ඒ මොකද ඔබතුමන්ලා රට බේරාගෙන රටට වැඩ කරපු මිනිස්සු. මේ රටේ ජීවිත හැට නම ලක්ෂ්‍යයක් රටේ වගකීම ඔබතුමන්ලාට භාර දීල ඉවරයි. ඒක හයෙන් පහක බලයක්. නොසැලී ඉදිරියට යන්න..."

මේ කතාව යන අතරේ ජනාධිපතිවරයා බලා සිටියේය කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමේ සටහන් කර ඇති නම දෙසය."සෞභාග්‍යයෙ මංපෙත් විප්ලවය, ඇතුගල්පුර පිවිසුම" යනුවෙන් එහි සඳහන්ව තිබිණා.

ඉන්පසු ජොන්ස්ටන් ප්‍රනාන්දු සභාව ඇමතිය.අගමැතිවරයා කතාකළේ ඉන්පසුවය.

"අපි මේ අධිවේගී මාර්ග හදන්න පටන් ගත්තෙ දෙදහස් පහේදී. එදා මම දක්ෂිණ අධිවේගය හදන්න යනකොට මඩු පාර හදලා දෙන්න කියලා ඉල්ලීමක් ආවා. මම මඩු පාර හදලා දුන්නා. හැබැයි මඩු පාර විවෘත කරන්න මට යන්න දුන්නේ නෑ. ඒකට එල්ටීටීඊ එකෙන් අවසර ගන්න ඕන කියලයි කිව්වේ...
එයාලගෙන් අවසර අරන් මම ඒ ගමන ගියේ නෑ. කවදහරි දවසක එල්ටීටීඊ එක විනාශ ම කරලා ඉවරවෙලා මම ඒ ගමන යනවා කියලා හිතා ගත්තා. අන්න එහෙමයි අපි අධිවේගී මාර්ග හදන්න පටන් ගත්තෙ. අපි මේව හදනකොට විපක්ෂය එක එක කතා කිව්වා. බැන්නා. බැන බැන මේකෙම ගියා." අගමැතිවරයා කතා කිරීමෙන් පසුව ජනාධිපති කතා කලා.

" අපි මේ මාර්ගය අනුරාධපුරය යට හා නුවරට දීර්ග කරනවා. පවිත්‍රා මගෙන් හැමදාම අහනවා රත්නපුරයට කවදද සර් අධිවේගයෙන් අපි යන්නේ කියලා. මම එතුමියට කියනවා වැඩි දවසක් යන්නෙ නෑ.කියලා "
" ලබන මාසේ අපි වැඩ පටන් ගන්නවා."අන්න ඒකයි. ජොන්ස්ටන් ල වගෙ කාර්යශූර ඇමතිවරු ඉද්දි අපිට මේ වගේ වැඩ ගැන බයවෙන්න දෙයක් නෑ. ජෝන්ස්ටන් ලා නිසා මේ වගේ වැඩ අපිට කජු කනවා වගේ පහසුයි. ඒ විතරක් නෙවෙයි ඉදිරි අවුරුදු දෙකහමාර ඇතුළත අපි මේ අධිවේගී මාර්ග සියල්ලේම වැඩ අවසන් කරලා ඉවර කරනවා . හැටනම ලක්ෂයක ගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරනවා.

ජනාධිපතිවරයා ගේ කතාව තනිකරම අපේක්ෂා සහගත ධනාත්මක සිතුවිලි වලින් පිරුණු කතාවක් වුණා.අධිවේගය විවෘත කිරීම නිමිත්තෙන් නාමල් රාජපක්ෂ පාපැදි පාපැදි තරඟයක් ද සංවිධානය කර තිබිණා.

ජනාධිපතිවරයා රත්නපුර මහ සමන් දේවාලයට ගියේ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරු දිනට පසුදාය . එහිදී ජනාධිපතිවරයා පිළිගන්නට පවිත්‍රා වන්නිආරච්චි , වාසුදේව නානායක්කාර ජානක වක්කුඹුර ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල ඇතුළු දේශපාලඥයෝ රාශියක් පැමිණ සිටියා. මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතාද ජනාධිපති පිළිගන්නට එක්ව සිටියා.

මහ සමන් දේවාලයේ වැඳපුදාගත් ජනාධිපතිවරයා ඉන්පසුව බස්නායක නිලමේවරයාගේ නිල නිවස්නයේ දී පදේශයේ දේශපාලඥයන් සමග සාකච්ඡාවක් ටද එක්වුණා. ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊළඟට ගියේ කූරගල විහාරස්ථානයටයි.ජනාධිපතිවරයා එදින එහි ගියේ ඊට පසු දා පෝය දිනට යෙදෙන කූරගල පුදබිමේ ආගමික උත්සව ගැන තොරතුරු හා වග විස්තර නිරීක්ෂණය කිරීම සදහායි.

එක එකා ගේ පදයට නටන්නේ නැති සජබේ මන්ත්‍රී

2022 අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයා ගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට යෙදී තිබුණේ ඊට පසුදාය.ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රධාන ද්වාරය අසල දී පිළිගත්තේ කතානායක වරයා හා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසිනි. ඉන්පසුව පාර්ලිමේන්තුවේ ඉහළ මහලේ දී නාවල ජනාධිපති බාලිකා වි සිසුවියන් විසින් ජයමංගල ගාථා කියමින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබුණි.පැළඳුම් කාමරයට ගොස් ටික වේලාවකින් පසුව යළිත් එළියට පැමිණි ජනාධිපතිවරයා සභාගැබ ආසන්නයේදී දිනේෂ් ගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පිළිගනු ලැබූවා.වසරේ නව සැසිවාරය විවෘත කරමින් පාර්ලිමේන්තු සභාගැබට පිවිසි රාජාසන කතාව සඳහා ප්‍රධාන අසුනේ අසුන්ගත් ජනාධිපතිවරයා හරියටම උදෑසන දහයට සිය කතාව පටන් ගත්තා.
.
ජනාධිපතිවරයා ගේ කථාව දෙස වඩාත් විමසිල්ලෙන් බලා සිටියේ විපක්ෂයයී. ජනාධිපති කවර අන්දමේ කතාවක් කළත් එය පාර්ලිමේන්තු වේ දී දැඩි ලෙස විවේචනයට ලක් කළ යුතු බව විපක්ෂයේ එකඟතාවය වුණා. ඒ වන විට ඒ බැව් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආරංචි වී තිබිණා. එපමණක් නොව, රාජාසන කතාවෙන් පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විෂයෙහි පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය වර්ජනය කරන්නට ද ඒ වන විට විපක්ෂය පොදු තීන්දුවක් ගෙන තිබිණා.ජොන්ස්ටන් ඒබ අගමැතිවරයාටද කියා තිබුණා.

විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරගත් පරිදි විශේෂ තේ පැන් සංග්‍රහය පෙදෙසට නොයා සිටියා.කෙසේ වෙතත් අවසානයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පමණක් තනිව තේ පැන් සංග්‍රහය තිබෙන්න ශාලාව වෙත පැමිණ සිටියා."විපක්ෂයේ කට්ටිය අද මේක වර්ජනය කරලා තිබුනට ඔබතුමා ආව එක ලොකු දෙයක්. ඒකෙන් පේනවා ඔබතුමා ඉන්නේ විපක්ෂයත් එක්ක නෙවෙයි අපිත් එක්ක කියලා... "ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔහුට විහිළු කරන්නට පටන් ගත්තේ එලෙසින්.
"නෑ නෑ මම ඔය කාත් එක්කවත් නෑ.. මම ඉන්නේ ජනතාවත් එක්ක." වෙල්ගම කීව්වා.ඉතින් ඒගොල්ලො ඔබතුමාටත් එන්න එපා කියලා කිව්වේ නැද්ද.
"කවුරුත් දන්නවනේ මම ඔය එක එකා ගේ පදයට නටන්නේ නැති බව." කියමින් කුමාර වේල්ගම රජයේ ප්‍රධාන මැති ඇමතිවරු සිටින පැත්තට ගියා.

මේ දිනවල ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේකිහිපදෙනෙකුම මෙම විශේෂ තේ පැන් සංග්‍රහයට එක්ව සිටියා. නිදහස් පක්ෂයේ
මහ ලේකම් දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ඊට සහභාගී වී සිටියා.කෙසේවෙතත් නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපීපාල සිරිසේන මහතා මෙම තේ පැන් සංග්‍රහයට සහභාගී වුණේ නෑ.ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යධූරය ගලවා දැමූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙම තේ පැන් සංග්‍රහයට සහභාගී සිටීම විශේෂත්වයක් වුණා ඔහු ඉතා මිත්‍රරශීලිව සහෝදර මන්ත්‍රීවරු සමගත්ය.ජනාධිපතිවරයා සමගත් කතාබස් කරමින් සිටියා.

උතුරේ මාධ්‍යවේදීන් සජිත්ගෙන් අසූ ප්‍රශ්න

දිවයින පුරා බොහෝ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්ගනිමින් සජිත් ප්‍රේමදාස මේ වන විට සිය ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. දුෂ්කර ප්‍රදේශ වල පිහිටි රෝහල් සහ පාසල් ඉලක්ක කර ගනිමින් සිය ''හුස්ම සහ සක්වළ'' වැඩසටහන් ඉතා කැපවීමෙන් ක්‍රියාවට නවන බව ඇතමුන් පෙන්වා දෙනවා.ජනතාව තුළද එම වැඩසටහන් පිලිබඳ ව සැලකිය යුතු උනදුවක් ඇතිවී තිබෙනවා.

නව වසර ආරම්භයේ විපක්ෂ නායකවරයා සිය ප්‍රජා සත්කාර සේවා ක්‍රියාත්මක කළේ උතුරු නැගෙනහිර පළාත් කෙන්ද්‍රකරගනිමිණි. ඔහුට මෙවර සිය උපන්දිනය සමරන්නට වුණේ ද උතුර කරයේදීය.ඔහු එදින සිය බිරිඳ සමග නල්ලූර් කෝවිල වැඳ පුදා වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. පසුව ජලනි ප්‍රේමදාස විසින් සූදානම් කර තිබූ කේක් කැපීම ට සජිත් සහභාගිවුණේ ඉතා සතුටිනි.

උතුරුකරයේ දුෂ්කර පාසල් කිහිපයක් වෙත පරිගණක උපකරණ බෙදාදීමට පියවර ගත් සජිත් එම පාසල් වල දරුවන් සඳහා පොත්පත් ලබා දුන්නා. උතුරු පළාතේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි ග්‍රාමීය රෝහල් සඳහා උපකරණ බෙදාදීමට ඔහු පියවර ගත්තා.

උතුරු පළාතේ මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවකට ද විපක්ෂ නායකවරයා එක්වුණා.මෙහිදී මාධ්‍යවේදීන් ඔහුට ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ''මාධ්‍ය මර්ධනය ගැන ඔබගේ අදහස කුමක්ද''. ''මාධ්‍ය මර්ධනය මම අනුමත කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඒ ගැළපෙන දෙයක් නොවවෙයි.මාධ්‍යයට තහංචි පැනවී ජනතාවට කරණ තහංචි පැනවීමක් ලෙසයි මම දකින්නේ''.

''ඔබගේ පාලන කාලයක දී මාධ්‍යට වාරණය නොදමන බවට සහතිකයක් ලබා දෙන්න පුලුවන්ද''

''මගේ වචනය විශ්වාස කරන්න. මගේ අතීතය පරික්ෂා කර බලන්න. කිසි විටවිටෙකත් මාධ්‍ය වාරණය කරන්න මම කටයුතු කරන්නෑ මාධ්‍යයට තිබිය යුත්තේ ස්වයං වාරණයක්''.

සජිත් හැටන් යයි.

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් හැටන් ප්‍රදේශයේ සූදානම් කර තිබූ සැමරුමකට විපක්ෂ නායකවරයා සහභාගී වුණා. ඉන්දීය මහ කොමසාරිස් වරයාද ඊට සහභාගි වී සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන් එහි මූලිකත්වය ගෙන සිටියා.

''වතුකරයේ ඔබට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දුන්නු හැටි මට මතකයි''. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා යි එම සටනට නායකත්වය දුන්නේ. ඒ අඩි පාරේ යමින් ඔබට සේවය කරන්න මා පසුබට වන්නේ නෑ''. වතුකරයේ ජනතාව තුළ සජිත් බලාපොරොත්තු ඇති කළා.

රනිල් එක්සත් ජාතික පක්ෂය බලගන්වයි.

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී හමුවක් ඉකුත් දා සිරිකොතේ දී පැවැත්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්. හමුව ආරම්භ කරමින් රනිල් පැවසුවේ,රට බරපතළ තත්ත්වයකට ඇද වැටෙමින් ඇති බවයි. ''මේ වෙලාවේ රට ගොඩගන්න නම් කොටස් හතරකට රට බෙදා සංවර්ධනය කළ යුතුයි.විශේෂයෙන්ම බිම් මට්ටම ශක්තිමත් ක් කිරීමයි වැදගත් වන්නේ. එක්සත් ජාතික පක්ෂය ඒ අනුව පෙළ ගස්සවන්න ඔබලා ක්‍රියා කරන්න ඕනේ''.

මේ අතර පක්ෂයේ තරුණ නායකයින් සවිබල ගැන්වීමේ වැඩසටහන් ශක්තිමත් කර ලෙස රනිල් පක්ෂයේ ජෙෂ්ඨයින්ට උපදෙස් දුන්නා. සාගල රත්නායක ට එහි වගකීම පවරා තිබෙනවා. ඒ සඳහා සිරිකොතේ වෙනම කාර්යාලයක් පවා වෙන් කරන්න තීරණය වුණා.

''ඉක්මනින්ම අපට තරුණ කමිටු පිහිටු වන්න පුළුවන්. මහලේකම්තුමා ඊට අවශ්‍ය බොහෝ කටයුතු කරලා අවසන්ව''.නියෝජ්‍ය නායක රුවන් කිව්වා.

''බොහොම හොඳයි. අපි ඉක්මනින්ම මේ වැඩ වැඩසටහන් ක්‍රියා ක්‍රියාත්මක කරන්න ඕනේ. 2022 වසර අවසන් වන විට බිම් මට්ටමෙන් අපි ඉහල තත්වයකට ඇවිත් ඉන්න ඕනේ. මොකද 2023 අපට සමහරවිට මැතිවරණ වලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්.''

වික්‍රමසිංහ මැතිවරණ පිළිබඳ යම් ඉඟියක් ලබා දෙන්නට වුණා.

කරූ පාර පාර්ලිමේන්තුවට.

ජනාධිපතිවරයා සිය රාජාසන කතාව සිදු කිරීමෙන් පසුව ආරාධිත අමුත්තන් සමඟ කතා බස් කරමින් ඉදිරියට පැමිණියා. එකවරම ජනාධිපතිවරයා ගේ දෑස් යොමු වුණේ මන්ත්‍රීවරු අතර සිටි හිටපු කථානායක කරූ ජයසූරිය වෙතයි. ඉතාම සිනහමුසු මුහුණෙන් ජනාධිපතිවරයා හිටපු කතානායකවරයා සමීපයට ගොස් දෑත් අල්ලාගෙන කතා කළා. දෙදෙනා මද වෙලාවක් ආගිය තොරතුරු කතා කරමින් අදහස් හුවමාරු කරගත්තා. පසුදින පැවැත්වෙන රාමඤ්ඤ නිකායේ උපසම්පදා පින්කමේ දී නැවත හමුවෙ මු යැයිද ජනාධිපතිවරයා කරු ජයසූරියට කිව්වා.

ජනතාව විමුක්ති පෙරමුණ ගම බලගන්වයි.

''ගමෙන් පටන් ගමු'' , ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ක්‍රියාත්මක කළ එම නව වැඩසටහන ඉදිරියේදී තවදුරටත් රට පුරා ක්‍රියාත්මක කරන්නට පක්ෂයේ නායකයින් තීන්දුකර තිබෙනවා.මේ අතර ජාතික ජන බලබලවේගයේ සඳහා තව දුරටත් ක්‍රියාකාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් සම්බන්ධ කර ගැනීමට ජාතික ජනබලවේගයේ විධායක සභාව පසුගියදා තීරණයක් ගනු ලැබුවා.ග්‍රාමීය මට්ටමෙන් ජාතික ජනබලවේගයේ කොට්ඨාස ගොඩනැගඟීම ද ඔවුන් මෙහිදී තීරණය කර තිබෙනවා.

පානුක රාජපක්ෂ 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top