කොවිඩ් ආසාදනයෙන් පසු වැළඳෙන බහු සංකූලතා (Video)
Tuesday, 25 January 2022 - 12:50 | Views - 3,458
දිනෙන් දින ඉහළ යන කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ඩෙංගු අවදානම පිළිබඳ ව ජනතාවට අමතක ව ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදිතව ළමුන් 42 දෙදෙනකු ප්‍රතිකාර ලැබූ බවත්, කිසිදු බරපතළ හෝ අපහසු තත්ත්වයේ රෝග ලක්ෂණ නැත්නම් අවශ්‍ය නිරෝධායන කාලසීමාවෙන් පසුව එම දරුවන් නිවෙස්ගත නිරෝධායනයට යොමු කළ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

නමුත් දරුවාට වෛරසය ආසාදිතව ඇත්නම් කිසිදු ගැටලුවකින් තොරව දරුවාව රෝහල්ගත කිරීමේ හැකියාව ඕනෑම අවස්ථාවක දී ඇති අතර, එහෙත් අධික උණ, සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ දිගු කලක් පවතී නම් පමණක් සිය දරුවාව රෝහලට යොමු කිරීමට කටයුතු කරන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙවැනි ලක්ෂණ නැත්නම් වෛරසය ආසාදනය වුව ද, වෛද්‍ය උපදෙස් මත සිය දරුවාව නිවෙස්ගත නිරෝධායනයට යොමු කරන්නේ නම් වඩාත් සුදුසු යැයි ද හෙතෙම ප්‍රකාශ කළා.

එමෙන්ම, වෛද්‍යවරයා කියා සිටියේ, කොරෝනා වෛරසය ද මාරාන්තික වුව ද, ඩෙංගු ඊට වඩා මාරාන්තික බවයි.

ඔහු එලෙස සඳහන් කිරීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් හමු වුණ ද කිසිදු දරුවෙකුට කොවිඩ් වෛරසය ඩෙංගු රෝගය මෙන් මාරාන්තික තත්ත්වයක් ඇති නොකළ බවයි.

එබැවින් කොරෝනා මෙන්ම ඩෙංගු පිළිබඳ ව මනා අවධානයකින් යුතුව කටයුතු කර, සිය දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ද වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටිනවා.

එමෙන්ම වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටින්නේ, මෙම රෝග තත්ත්වයන් දෙකෙහි දි ම කෑම අරුචිය ඇති වන හෙයින් විශේෂයෙන්ම වයස අවුරුදු 02කට අඩු දරුවෙකුගේ මෙවැනි රෝග ලක්ෂණ පවතී නම්, කිසිදු පමාවකින් තොරව දරුවා රෝහල්ගත කරන ලෙසයි.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් දරුවන් රැකගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය එන්නත්කරණය ද ක්‍රියාත්මක වන අතර, ඉදිරියේ දී වයස අවුරුදු 16ට වැඩි දරුවන් හට කොවිඩ් එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමට සහ අවුරුදු 12ට අඩු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට ද යොමුව ඇති බව ද ඔහු සඳහන් කළා.

කොවිඩ් වෛරසය ආසාදිත වූ බොහෝ දරුවන්ට වෛරසය අසාදනය වී සති දෙකක් , මාස දෙකක් පමණ ගත වනවිට 'බහු ඉන්ද්‍රීය ආසාදන රෝගකතාව' ‍යන සංකූලතාව ඇතිවන බව පවසන වෛද්‍ය දීපාල් සඳහන් කළේ, මෙම තත්ත්වය අවම කර ගැනීමට මිත්‍යා මතවලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කර දරුවන්ට කොවිඩ් එන්නත්කරණය ලබාදීම කළ යුතු බවයි.

නැතහොත් වෛරසය ආසාදනය වූවායින් පසුව එය බරපතළ වුවහොත් පසුතැවීමෙන් තේරුමක් නැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top