අමාරු ම හරිය පන්නගන්න - දවස් දාහතරකට තෙල් (Video)
Tuesday, 25 January 2022 - 10:53 | Views - 562
සංස්ථාව සතු ඉන්ධන තොග අනුව එම ඩීසල් හා දැවි තෙල් ප්‍රමාණය විදුලි බල මණ්ඩලයට නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඒ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවකදි යි.

සංස්ථාව ද බරපතළ ඩොලර් අර්බුදයකට ලක් ව තිබෙන නමුත් විදුලි අර්බුදය කළමනාරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් යුතු ව වුව ද මෙම ඉන්ධන ප්‍රමාණය මණ්ඩලයට ලබා දීමට කටයුතු කරන බව යි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර, එම සති දෙකෙන් පසු ව මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ගෙන්වා දීමට, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවේ දී එකඟතාව පල කර ඇති බවත් වාර්තා වෙනවා.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලින් එම ඉන්ධන ගෙන්වා ගන්නා බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර තිබෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top