කොරෝනා වසංගතය අවසන් කළ හැකි දිනය මෙන්න - WHO
Tuesday, 25 January 2022 - 8:54 | Views - 673
මේ වසරේදී කොරෝනා වසංගතය මිහිපිටින් තුරන් කිරීමට හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.

ජිනිවා නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා එන්නත් සහ ප්‍රතිකාර සඳහා සමාන අවස්ථා සහතික කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු බවයි.

කොරෝනා වෛරසයේ සහ එහි ප්‍රභේදයන් හි ආසාදිතයන් හඳුනා ගැනීම මෙන්ම අවශ්‍ය සීමාවන් පැනවීම ඒ සඳහා වැදගත් වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මැද භාගය වන විට ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කරද්දී ගත වූ සතියේ සෑම තත්ත්පර 3කට වරක් ලොව කොරෝනා ආසාදිතයන් 100ක් සොයා ගැනුණු අතර සෑම තත්ත්පර 12කට වරක් මරණයක් වාර්තා වුණා.

කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය ගිය ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 5.5කට අධිකයි.

ලොව නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top